ශිහාන් මිහිරංගගෙන් ජනපති ගැන සැර ප්‍රකාශයක්

වත්මන් ජාතික අර්බුදයට විසඳුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගෙට යැවීම මිස ගෙදර යැවීම නොවන බව ශ්‍රී ලාංකික ගායන ශිල්පී ශිහාන් මිහිරංග මහතා පැවසුවා.

මිහිරංග කියා සිටියේ රාජපක්ෂ පවුල්වල අයටද රට හැර යාමට ඉඩ නොදිය යුතු බවයි.

රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ සමීපතමයන් ගත් ශතයක්ම ආපසු ගෙවන තෙක් රට තුළ සිටිය යුතු බව ඔහු පැවසුවා.

ශිහාන් මිහිරංග මහජනතාවගෙන් ඉල්ලා සිටියේ විරෝධතා දිගටම කරගෙන යන ලෙසත්, හැකි නම් විසඳුමක් ලැබෙන තුරු රාජපක්ෂවරුන් පස් දෙනෙකුවත් රටේ තබා ගන්නා ලෙසයි.

“ගෝඨාව ගෙදර යවන එක නෙමෙයි විසඳුම. මේ රාජපක්ෂ පවුල ගත්ත හැම සතයක්ම ගේන්න නම් උන් මේ රටේ ඉන්න ඕනේ. මේ රටින් ගියාට පස්සේ හැමදාම අපි පැරදිලා උන් දිනලා. ඒ හින්දා මේ අරගලයේ ගෙනියන්න ඕන ඒගොල්ලන්ට රටින් යන්න බැරි තැනට. ඒගොල්ලො තියා ගත්තොත් තමයි අපි දිනන්නේ. ඒගොල්ලො ගියොත් අපි කොහොමත් ෆේල්. ඒ නිසා මම ඉල්ලන්නේ මේ අරගලය නවත්වන්න එපා. පවුලේ 5ක් හරි මෙහෙ තියාගන්න. දැනටමත් මෙයාලගේ පවුලෙ දරුවෝ යනවනේ. ඒගොල්ලෝ මෙහෙ තියාගන්න ඕනි. අපෙන් ගත්ත හැම සතයක්ම ගන්න නම් උන් අපිට ඕනි.” යනුවෙන්ද සඳහන් කළා.

ජනාධිපතිවරයාට සහ ඔහුගේ පාලනයට එරෙහිව කොළඹදී පැවැත්වෙන මහජන විරෝධතාවයකට එක්වෙමින් ඔහු මෙම අභියාචනය සිදු කලේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51