පාසැල් පොකුරු බිහිවිමේ අවධානමක්ද? ළමයින් 70 ක් ආසාදිතයි

නව පාසල් වාරය ආරම්භ වී පෙරේදා (26දා) දිනය වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

කොරෝනා ආසාදිත පාසල් දරුවන්ගේ සංඛ්‍යාව ඊයේ (27දා) වන විට 70ක් දක්වා ඉහළ ගොස් තිබූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීය.

මේ අතරින් ජනවාරි 13දා සිට 26දා දක්වා ගතවූ දින 14ක කාලය තුළ පාසල් දරු දැරියන් 38 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව ද ඒ මහතා පවසයි. වැඩි ම කොරෝනා ආසාදිත සිසු දරු දැරියන් පිරිසක් වාර්තා වන්නේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 17කි. එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පාසල් 5කින් මෙම ආසාදිත දරු දැරියන් වාර්තාවී ඇත. ගිංතොට ප්‍රදේශයේ පාසලක සිසු දරු දැරියන් 12 දෙනකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව ද හෙතෙම පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදනය වී ඇති මෙකී සිසු දරු දැරියන්ගේ මව හා පියා ආසාදනය වීම නිසා දරුවන් පළමු පෙළ ආශ්‍රිතයන් වූ අය බව පවසන ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥවරයා මෙම දරු දැරියන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි අය බව ද හෙතෙම පෙන්වා දෙයි.

බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පාසල් දරු දැරියන් 4 දෙනෙකු, අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 01 අයෙක්, බෝපේ පෝද්දලින් 17 දෙනෙකු, බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 1 අයෙකු, හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 3 දෙනෙකු, හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 2 දෙනෙකු, ඉමදූව හා කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙන් සිසු දරු දැරියන් 1 බැගින් වාර්තා වී ඇත.

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් 5 දෙනෙකු, නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 04 දෙනෙකු, රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 2 දෙනෙකු සහ උඩුගම සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කොට්ඨාසයෙන් 2 දෙනෙකු වාර්තා වී ඇත.

ගාල්ල නගරයේ පිහිටි බාලිකා පාසලක ගුරුවරියකට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති අතර කොරෝනා ආසාදිත සිසු දරු දැරියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස සිසු දරුවන් 38 දෙනෙකු හා ගුරුවරුන් 13 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

වෙන්නප්පුව, අනුරාධපුරය, පස්සර, නිකවැරටිය, ඕපනායක, කුරුණෑගල, ගාල්ල හා බලපිටිය ආදී ප්‍රදේශවලින් මෙම කොරෝනා ආසාදිත පාසල් දරුවන් හමුවී ඇතැයිද ඒ මහතා කීය.

බස්නාහිර පළාතේ පාසල් ලබන මස 15 වන දා සිට සම්පූර්ණයෙන් ද විවෘත කිරීමට රජය තීරණය කර තිබෙන නිසා පාසල්වල දරුවන්ට වහාම අහඹු පී.සී.ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කිරීම උචිත බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කීය.

මීට අමතරව පාසල් දරුවන්ට නොමිලේ මුව ආවරණ (මාස්ක්) ලබාදිය යුතු බව ද ස්ටාලින් මහතා සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54