ගෑස් අලෙවිසැළට ගල් ප්‍රහාර

අද (26) දිනයේත් ගෑස් මිලදී ගැනීම සඳහා ප්‍රදේශ රැසක දිගු පෝලිම් දක්නට ලැබුණි. මේ අතර බණ්ඩාරවෙල දිසා රෝහල අසල ගෑස් අලෙවිසැළට අද අලුයම ගෑස් සිලින්ඩර 50ක් ලැබී තිබුණි. නමුත් එම සිලින්ඩර පැමිණ සිටි පිරිසට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජනතාව කුපිතවීමෙන් එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

ඒ අතරවාරයේ තවත් පිරිසක් වෙළෙඳසැළට ගල් ප්‍රහාර එල්ල කිරීමත් සමග වෙළෙඳසැලේ හිමිකරුගේ බිරිඳට තුවාල සිදුවී තිබේ. ඇය මේ වනවිට බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

“ගෑස් ඉවර වුණා. ඇවිත් හිටිය පිරිස් කෑ ගහන්න ගත්තා ගෑස් හංගගෙන කියලා. ඒත් එක්කම ගල් පහරක් ආවා.. කවුරු කොහෙන් ගැහුව ද කියලා හිතා ගන්න බැරි වුණා,” සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව පැවසීය. 

ගෑස් ලොරියක් පැමිණෙන තුරු ගාල්ල ඔරොප්පුවත්ත ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවිසැළ අසල රැඳීසිටි ජනතාව ඊයේ රාත්‍රිය පහන් කර තිබුණේ පෝලිම්වල සිටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවාදයෙන් පසු මුජිබුර් ආණ්ඩුවට සැරටම අමතයි - ඔළු ගණන්වලින් පැරදී හැබැයි එළියේ අපි දිණුම්
02:49
Video thumbnail
රජීව්, සජිත් එක්ක ඩීල් දාලාද ? මේ රටට ආපහු මැතිවරණ නැතිවෙන්න යන්නේ
05:01
Video thumbnail
ගම්පොළ සලිත කරමින් මහවැලි ගඟෙන් හමුවූ නිසල සිරුර - මෙන්න එහි නවතම දර්ශන
00:56
Video thumbnail
කිසිම ලැජ්ජාවක් නැතුව ධුරය දරමින් ඉන්නවා - අධිකරණ ඇමති ගැන දොලවත්ත කට අරියි
04:58
Video thumbnail
සමන් දේවාලයේ සුවිශේෂී රාජකාරියක් ප්‍රථම වතාවට මාධ්‍යයට නිරාවරණය කරයි
03:35
Video thumbnail
ලොරියකට උපමා කරලා ආණ්ඩුවේ ගමන ගැන සැරටම කිව්ව ලාල්කාන්ත - අපි ඕවර්ටේක් කරමින් ඉන්නේ
03:17
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්නේ මහ ජනතාව නෙවෙයි..එහෙම බම්බුවක් නෑ - ළඟදිම ආයේ පඩි වැඩිවෙනවා
05:24
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
01:16
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
01:46
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42