පාර්ලිමේන්තුවේ පෙරළියක් ? විමල් ගෙන් ඉඟියක්

අද දිනයේ දී පාර්ලිමේන්තුව තුළ විශාල පෙරළියක් සිදුවීමට නියමිත ව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ‌අද දින විමල් වීරවංශ ඇතුළු පක්ෂ 10ක කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් ව ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීම සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ඊයේ දින කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ජාවක දී මෙම තීන්දුව ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මේ අතර, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදෙන අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භවීමට නියමිතයි.

සර්ව පාක්ෂික සමුළුව සඳහා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එක් නොවන අතර ජාතික ජන බලවේගයද සහභාගි වන්නේ නැහැ.

මේ අතර දේශපාලන පක්ෂ 11ක සහභාගීත්වයෙන් ඊයේ පැවැති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ගැනීමට බලාපොරොත්තුවෙන විශේෂ තීරණය ගැන එම සාකච්ඡාවේදී අවධානය යොමු කළ බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කර සිටියා.

“අපේ පක්ෂ එකමුතුව කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කළා. විශේෂයෙන්ම හෙට පාර්ලිමේන්තුවට එනවා මීට පෙර සම්මත කළ පනතකට අනුව රෙගුලාසි පැනවීමක්. අපේ රටේ කෘෂිකාර්මික ප්‍රදේශවල ඉඩම් අයිතිය ගොවි ජනතාවගෙන් පැහැර ගැනීමේ රෙගුලාසි ප්‍රමාණයක්. ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර අපි සාකච්ඡා කළා.”

“අද පොහොට්ටුවේ බලකණු පවා තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා. මේ තියෙන බල පෙරේතකමට එරෙහිව. අමෙරිකානු හිතවාදීන්ගේ මේ රට කොලනිගත කිරීමට එරෙහිව.”

“ඉතා බලවත් ක්‍රියාමාර්ග ඉදිරි කාලය තුළ අපි ගන්නවා. රට ගැන ඉතාම කනගාටුයි. නායකත්වයක් නැති අස්ථාවරත්වයක් කරා ගමන් කරලා තියෙනවා. ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහාත් ගතයුතු ක්‍රියාමාර්ග අපි සාකච්ඡා කළා.”

“ජනාධිපතිවරණයක් ගැන අපේ සාකච්ඡාවක් නෑ. රට වැටිලා තියෙන තැනින් කොහොමද ගොඩ ගන්නේ කියලා තමයි සාකච්ඡා කළේ.”

“ආණ්ඩුව සම්බන්ධයෙන් අපේ තියෙන චෝදනා පත්‍රය ඉදිරි කාලයකදී අපි ඉදිරිපත් කරනවා.”

“ඉන්දියාවෙන් කීයක් හරි අරන් ඇවිත් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒකෙන් වෙන්නේ ඊළඟ අවුරුද්දේ ප්‍රශ්නය තවත් වැඩි වෙනවා.”

  1. Useless meeting today. Gota will have to resign without delaying. If he retains the presidency further, the court will decide his mentality upon the civil case filed against GOTA’s mentality. For that purpose, the MEDICAL PRESCRIPTION will have a significant importance to prove at courts. If proved, GOTA will be sacked and it will be a SHAME to him and his son MANOJ. His generations will be badly affected and shameful. Foreign states will probably chase out them.

    So before it happens, GOTA should resogn. If resings, no need to continue the court case challenging his mental illness and no need forvthe MEDICAL PRESCRIPTION from overseas.

    By now the relevant MEDICAL PRESCRIPTION copies are with CHINA & RUSSIA also. China and Russia were made it available by the far sighted planned people.

    That is the truth.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24