අවුරුද්දට පෙර සෞඛ්‍ය අංශ වලින් සිහි කැඳවීමක්

එළඹෙන උත්සව සමයේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් යළි රට තුළ කොරෝනා රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට සියලුදෙනා කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ඔහු පවසන්නේ බූස්ටර් මාත්‍රාව ලබා නොගත් සියලු පුද්ගයින් ඉදිරි දින කිහිපය තුළ එම එන්නත් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මේ බව කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා,

“විශේෂයෙන්ම අපි මතක තියා ගත යුතු දෙයක් තමා අපි ගිය අවුරුද්දේ මේ කාලය වනවිට රෝගීන්ගේ ඉතාමත්ම හොඳ තත්ත්වයකට රෝගය පාලනය වුණා. නමුත් සිංහල අවුරුද්දෙන් පස්සේ, බරපතළ ලෙස රෝගීන්ගේ වැඩිවීමක් වුණා. මෙම අවුුරද්දේ දීත් ඒ ආකාරයටම එය සිදුවීමට ඉඩ තියෙනවා. මොකද ඒ ආකාරයටම සාප්පු සවාරි යෑම, ‍උත්සවවලට සහභාගීවීම ආදිය ජනතාවගෙන් බලාපොරොත්තු වන නිසා. නමුත් අපි ගිය අවුරුද්දේ කරා වගේම මේ වතාවේ ඒ වැරැද්ද කරන්නේ නැතුව හැකි පමණින් අපිට ආරක්ෂා වීමට අවශ්‍ය කටයුතු කළොත් සිංහල අවුරුද්දෙන් පස්සේ, නැවත අනතුරුදායක තත්ත්වයක් ඇතිවෙන එක වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම නව ප්‍රභේදයත් සැලකිල්ලට ගත්තහම මාර්තු අවාසනවීමට පෙර තමන්ට නියමිත තුන්වන මාත්‍රාව ලබාගැනීමට කටයුතු කිරීම තුළ ඉදිරියේ දී ඇතිවීමට හැකි බරපතළ තත්ත්වයක් තිබුණත් අපිට අපේ ආරක්ෂාව සපයා ගැනීමට හැකිවෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24