වැටුනු රට ගොඩ ගන්න පන්සල් , පල්ලි වල ධනය රජයට දෙන්න

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා මෙම අවස්ථාවේ ආගමික සිද්ධස්ථාන එකට එක්විය යුතු බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ සම්පත් ඇති ආගමික ස්ථානවල ධනය මහා භාණ්ඩාගාරය වෙත පරිත්‍යාග කළහොත් ඉදිරියේදී ජනතාවට යහපතක් වන ආකාරයේ පරිවර්ථනයක් දැකගැනීමට හැකිවනු ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ ,

“බරපතළ ආර්ථික අර්බුදයකට රට මුහුණපා තිබෙනවා. ප්‍රධානතම ප්‍රශ්නය මහා භාණ්ඩාගාරය හිස් වේගෙන යනවා. දැන් මහා භාණ්ඩාගාරය පැත්තෙන් නැගෙන අඳෝනාව මුළු රටටම සුපුරුදු දෙයක් බවට පත්වෙලා. මේ අවස්ථාවේ කටයුතු කළ අයුරු පිළිබඳව පූර්වාදර්ශ තියෙනවා 2007 අවුරුද්දේ ලෝක ආර්ථික අර්බුදය ඇතිවුණු වෙලාවේ. අපට ගන්න හොඳ ආදර්ශයක් තියෙනවා තායිලන්තය කියන රටෙන්. තායිලන්තයේ රජය මේ ආර්ථික අර්බුදයට මුහුණදුන්නට පස්සේ භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් වෙලා තම විහාරස්ථාන සතුව පැවතුණු ධනය රජයට භාරදුන්නා. විශේෂයෙන්ම ඒ ඒ ආයතන සතුව තිබුණු රත්‍රන් රාජ්‍ය භාණ්ඩාගාරයට භාරදුන්නා. “

“මේ ආදර්ශය අපිට මේ වෙලාවේ ගැනීම සුදුසුයි කියන බව අපට යෝජනා කරන්න සිද්ධවෙලා තියෙනවා. බෞද්ධ අබෞද්ධ සිද්ධස්ථාන විශාල වශයෙන් තියෙනවා, විශාල වශයෙන් ධන සම්පත් තියෙන. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගමික වශයෙන් ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා මහත් ධන සම්භාරයක් තියෙන.

ඒ ධන සම්භාර තියෙන ආගමික ස්ථානවලින් මහා භාණ්ඩාගාරයට යම් පරිත්‍යාගයක් ඉදිරිපත් කළොත්, යම් පරිත්‍යාගයක් පිරිනැමුනොත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න යම් ප්‍රමාණයක පිළිසරණක් ලැබෙයි කියන විශ්වාසය අප තුළ තියෙනවා. විශේෂයෙන්ම රත්‍රන් වැනි සම්පත් මහා භාණ්ඩාගාරයේ තැන්පත් කිරීම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න යම් පමණකට ශක්තියක් ලැබෙයි කියල විශ්වාසයක් අප තුළ තියෙනවා. සියලුම ආගමික නායකතුමන්ලා, සියලුම ආගම්වල නායක උතුමන් මේ ගැන කාරුණික අවධානය යොමුකොට විශේෂයෙන්ම සම්පත් තියෙන ආගමික ආයතනවල අනුග්‍රහය මේ වෙලාවේ මහා භාණ්ඩාගාරයට පිරිනැමුනොත් ජනතාවට යහපතක් වන ආකාරයේ පරිවර්ථනයක් දකින්න පුළුවන් වෙයි කියල අපිට අදහසක් තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13