වසර 05ක ප්‍රේමය කැළණි ගඟේ පා කර දැමූ නූතන කාලයේ පෙම්වතා

ගම්පහ, දොරනාගොඩ ප්‍රදේශයේ නිවසකදී තම පෙම්වතිය ගෙළ සිරකර ඝාතනය කර ඇගේ මළ සිරුර මෝටර් රථයකින් රැගෙන ගොස් කැළණි ගඟට දමා තිබියදී සොයා ගත් බව පොලීසිය විසින් අධිකරණය හමුවේ අද කරුණු වාර්තා කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වූ ඇත්තේ වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු සහ මිය ගිය තරුණිය වසර 5ක කාලයක සිට පෙම්වතුන් ලෙස සිට ඇති බවත් ඉකුත් 16 වනදා සැකකරු එම තරුණිය සිය නිවසට මෝටර් රථයකින් රැගෙන විත් ඇති අතර එහිදී දෙදෙනා අතර ඇති වූ ආරවුලකදී එම පුද්ගලයා සිය පෙම්වතියගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව ඇගේ මළ සිරුර මෝටර් රථයෙන්ම වැල්ලම්පිටිය, කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට දමා තිබියදී සොයා ගත් බවත් පොලීසිය අධිකරණය ජහමුවේ අද කරුණු වාර්තා කර සිටිනවා.

තම දියණිය අතුරුදන් බවට පැමිණිලි කිරීමට ඇගේ දෙමව්පියන් වැල්ලම්පිටිය පොලීසිය වෙත යාමේදී අදාළ සැකකරු ද ඔවුන් සමග පොලීසියට ගොස් ඇති බවට පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ.

මේ වන විට සිද්ධියට සම්බන්ධ සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01