ලංකාවේ කීර්තිනාමයට හානිවන සිදුවීමක් ගැන අනාවරණයක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලේට් ජනරාල් කාර්යාලය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබු සටහනකට පාදකවූ සිදුවීමක් සම්බන්ධයෙන් එරට සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දැඩි අප්‍රසාධය පළවී තිබෙනවා.

මේ එම සටහනයි..

ඊයෙ මට කිසියම් නන්නාදුනන තරුණියකගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි.
“අයියෙ මම වැඩ කළේ සිඩ්නි කොන්සිලර් ජෙනරල් එකේ” මට ඔයාට කියන්න දෙයක් තියෙනව”
මම ඇයගේ කතාව ඒ ලෙසම ඔබ හමුවේ තබන්නම්..

“අයියෙ ඔය සිඩ්නි කොන්සුලර් සතෙක් අයියෙ” ඇයගෙ කටහඩ හඬා වැටීමට ආසන්නය.

“අයියෙ මම ආසාවෙන් එතන වැඩ ටික කරගෙන ගියා, ලංකාවෙ තැනක් නෙ, සාරිය ඇඳල ලංකාවෙ මිනිස්සු එක්ක වැඩ කරන්න මම හරි ආසාවෙන් හිටිය”
“එක දවසක් අයියෙ මම යාලුවෙක් එක්ක කතා කර කර ඉන්නකොට සර් (කොන්සිලර් ජනරාල්) මගෙ ලඟින් ඇවිදගෙන ගියා, එක පාරට මේ මනුස්සය මගෙ පස්ස පැත්තට ගැහුව අයියෙ”

“අයියෙ මගෙ යාලුව ඇටෑචිත් ( ඇටෑචි කියන්නෙ කොන්සිලර් කාර්‍යලයේ නිළ නාමයකි) ඒක දැක්ක. මට කර ගන්න දෙයක් නැති වුනා, මම බයෙන්ම දුවල් ගිහින් කාමරේ හැංගුනා”

“පස්සෙ දවසක මම ඇටෑචිගෙන් ඇහුව ඒ වුන දේ ගැන, එයා අයියෙ කියනව මම දැක්කෙ නෑ එහෙම දෙයක් කියල,ලංකාවෙන් ආපු මිනිස්සු කැමති නෑ අයියෙ අර මිනිහට එක වචනයක් කියන්න, දැක්කෙ නෑ ඇහුනෙ නෑ වගේ ඉන්නව අයිය ඕස්ට්‍රේලියාවෙ ඉන්න තියෙන ආසාවට”

“අයියෙ,මේ මිනිහ කුපාඩිය වගේම කිසි මනුස්ස කමක් නැති ජඩයෙක්, එතන වැඩ කරන හැමෝටම ජරා වචන වලින් බණිනව, එළදෙන, හරක, උඹලට ගහන්නෙ පයින් දැනගනිල්ල, මේ පුටුවෙන් ගහන්නෙ දැන ගනිල්ල, ඔන්න ඔහොම තමා අයියෙ ස්ටාෆ් එකට කතා කරන්නෙ”

“එතන ඉන්න හැමෝම වැඩ කරන්න හරි බයෙන් අයියෙ, නිවාඩුක්වත් දෙන්නෙ නෑ අසනීපයක් හැදුනත්, අපිහැමෝම 6-7 වෙනකන් ඔෆීස් එකේ ඉන්න ඕනෙ”

“ඒ මදිවට ලංකාවෙ ගෙන්නපු ඩ්‍රරයිවර්ල 2ක්ම ඉන්නවෙ මේ අවලමාගෙ වැඩ ටික කරල දෙන්න, අයියෙ මේ මිනිහ ටොයිලට්‍ යනකොට දොර අරින්නෙත් අර ලංකාවෙ ඩ්‍රරයිවර්, කෑම එක කාල අත හෝදන්න අර ඩ්‍රරයිවය වතුර අරන් යන්න ඕනෙ මු ලගට”

“අනේ අයියෙ පුලුවන්නම් මේක ඔයාගෙ පේජ් එකට දාන්න, අඩු ගානෙ වැඩ කරන මිනිස්සු ටිකට බනින එක හරි නවතී, එතන්නඩ එන ගෑණු ළමයෙක්ට මේ වනචරයගෙන් බේරිල ඉන්න පුලුවන් වෙයි”

මේ ඇයගේ අන්තිම ඉල්ලිම විය. මෙලෙස මේ කොන්සිලර් ජනරාලගෙන් ලිංගික සහ මානසික පීඩනයට ලක්වූ එකම තරුණිය මැය නොවිය හැක.

මේ සියලු තොරතුරු ඕස්ට්‍රේලියාවේ නීතීයේ හමුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සුදානම්. Sexual harassment, work place bullying වලට ඕස්ට්‍රේලියාවෙ නීතිය ඉතාම තදිම් ක්‍රියාත්මක අතර, ලාංකිකයන් කිහිප දෙනක්ම දැනටමත් නොයෙක් ලිංගික අපයෝජන චෝදනා යටතේ ඕස්ට්‍රේලියාවෙ හිරගෙදර කල්දේරම් බතේ රස බලන බව සිඩ්නි කොන්සුල් ජනාරාල්ට මතක් කර දෙනු කැමත්තෙමි.

පරිපාලානයෙ සුදුස්කම් ඇති අත්දැකීම් ඇති සුදුස්සන් කපා දමා දේශපාලන හෙන්චයියෙකු වීම පමණක් සුදුසුකමක් වූ මේ මේ දේශපාලන ගෙවලයා ඕස්ට්‍රේලියාවෙන් පන්නා දැමීමට අපි සිඩ්නි-ශ්‍රීලංකිකයෝ සූදානම්.

ඕස්ට්‍රේලියාව යනු ශ්‍රීලංකා වේ රජයේ කන්තෝරුමෙන් ලොක්කාට තමන් කැමති තරුණියගේ නිතඹ මිරීකීමට සහ කාර්‍යයාල සේවකයින්‍ට බල්ලන්ට මෙන් (ලංකාවෙ බල්ලන්ට) සැලකිය හැකි රටක් නොවන බවට “**” මතක් කරදීමට කාලය පැමිණ ඇත. “” ඔබ සූදානම්ද?

සිඩිනි-ශ්‍රී ලාංකික අපි සූදානම්.

— මේ ලිපිය කියවන ඔබ මේ සිඩ්නි කොන්සිලර් ජනාරාල්ගේ ලිංගික හෝ මානසික පිඩනයන්ට ලක්වූවෙක් නම් කරුණාකර අප අමතන්න–

සිඩ්නි විශේෂ ලියුම් කරුවෙක් විසිනි.

20/03/2022

(සැ: යු : මෙම ලිපිය Sri Lankan students in Australia නම් ෆේස්බුක් පිටුවේ සඳහන්ව තිබු බවට කරුණාවෙන් සළකන්න)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය ගැන නාමල්ට කතා කරන්නවත් අයිතියක් නෑ - විහිළුවක්
04:28
Video thumbnail
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා ?දොලවත්ත හෙළිකරයි
06:28
Video thumbnail
දයාසිරි, දොලවත්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - විනිසුරුවරුන් තාම අල්ලස් අරගෙන නැහැ
08:01
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් හෙළිදරව්වක්
03:26
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට නඩු ඉක්මන් වෙන්නේ නෑ - ඔයාලා පොරොන්දු වුණේ පැච් දාන්න නෙවෙයි
14:15
Video thumbnail
අනීතිකව සුඛෝපභෝගීව ජීවත් වෙන්න ගිහින් විනාශ වෙන්න එපා - වසර 5 - 20 දක්වා සිර දඬුවම් දෙන්න වෙනවා
04:23