AFC Banner
Empty Ad
Empty Ad

සර්ව පාක්ෂික සමුලුවට සමගි ජන බලවේගයටද ආරාධනා

අනිද්දා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුලූවට සහභාගී වන්නැයි ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයටද ආරාධනාවක් ලැබී තිබෙනවා.

කෙසේ නමුත් ඒ සදහා සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබද තීරණය මෙතෙක් ගෙන නොමැති බවයි පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍යයට කියාසිටියේ.මේ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ මට්ටමේ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පළමුවෙන් සාකච්ඡා කල යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කලේ.

ඒ අනුව අද පෙරවරුවේ කැදවා තිබෙන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව සමගි ජන බලවේගයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?