AFC Banner
Empty Ad
Empty Ad

අක්‍රමිකතා වැඩියි : ගෑස් බෙදාහැරිම සීමා කරයි

අක්‍රමිකතා හේතුවෙන් ගෑස් බෙදා හැරීම සීමා කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ දෛනික නිෂ්පාදනයෙන් හතරෙන් එකක් පමණ කොළඹ දිස්ත්‍රික්කයට බෙදාහරින බවයි.

සමාගමට ලියාපදිංචි බෙදාහරින්නන් 43 ක් සිටින බවත් මෙම ප්‍රධාන බෙදාහරින්නන් හරහා අනෙකුත් අලෙවිකරුවන් වෙත ගෑස් සැපයීම සිදුකරනු ලැබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රධාන බෙදාහරින්නන් 43 දෙනාට ලබාදෙන ගෑස් එම අලෙවිසැලේම අලෙවි කිරීම හේතුවෙන් අනෙකුත් අලෙවි නියෝජිතයන් වෙත ගෑස් බෙදාහැරීම නතර වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් රෝහල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා කිහිපයකට ගෑස් සැපයීම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?