AFC Banner
Empty Ad
Empty Ad

විදුලි කප්පාදුව අවසන් වන්නේ කවදා ද ?

විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග ලැබෙන තුරු දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එළඹෙන අලුත් අවුරුදු සමය වනවිටත් විදුලි කප්පාදු සිදු කරනවාද යන්න සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් සිදුකළ විමසීමේදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ විදුලිය අඛන්ඩව ලබාදීම සඳහා මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලැබුණහොත් විදුලි කප්පාදු කිරීම් සිදු නොකෙරෙන බවයි. කෙසේ වෙතත් ඉන්ධන ලැබෙන තෙක් දිවයින පුරා විදුලි කප්පාදු කිරීම් සිදු කෙරෙන බවද ඔහු කියා සිටියා.

මේ අතර හෙට දිනයේදී විදුලි කප්පාදු කිරීමේ කාල සටහන මහජන උපයෝගිතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව A සිට L යන කාණ්ඩ සඳහා හෙට දිනයේදී පැය 3යි මිනිත්තු 15ක කාලයක් ද, P සිට‍ W යන කාණ්ඩ සඳහා හෙට දිනයේදී පැය 01යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?