13 වසරකට පසුව මෙරට තේ නිෂ්පාදනය පහතට

මේ වසරේ පෙබරවාරි මාසයේ මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 18.16 ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 20 ක පහත වැටීමක් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දත්ත මගින් අනාවරණ කර සිටිනවා.

ඒෂියා සියක තැරැව්කාර සමාගම සඳහන් කරන පරිදි එය කිලෝග්‍රෑම් මිලියන 12.8 ක් වාර්තා වූ 2009 වසරේ පෙබරවාරි මාසයෙන් පසු අඩුම මාසික තේ නිෂ්පාදනයයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ රසායනික පොහොර තහනම මෙම තත්ත්වයට හේතුවක් ලෙස සැලකෙනවා.

තේ කර්මාන්තය සඳහා එම තහනම පසුගිය ඔක්තෝම්බරයේ ඉවත් කළ ද ඩොලර් හිගය හේතුවෙන් පොහොර ආනයනය කිරීම තේ නිෂ්පාදකයන්ට ගැටලුවක් වී තිබෙනවා.

පොහොර තහනමට පෙර ශ්‍රී ලංකාව වාර්ෂිකව තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.3 ක් පමණ උපයනු ලැබුවා.

මෙරට තේ කර්මාන්තයට බලපා ඇති නවතම අභියෝගය වන්නේ රුසියාවේ යුක්රේන ආක්‍රමණයයි. ශ්‍රී ලංකා තේ මිලදී ගන්නා මුල් පෙලේ ගැණුම්කරුවන් වන රුසියාවට සහ යුක්රේනයට මෙරට තේ නිෂ්පාදනයෙන් සියයට 10 ක් පමණ අපනයන කිරීම ඊට හේතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?