13 වසරකට පසුව මෙරට තේ නිෂ්පාදනය පහතට

මේ වසරේ පෙබරවාරි මාසයේ මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 18.16 ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 20 ක පහත වැටීමක් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දත්ත මගින් අනාවරණ කර සිටිනවා.

ඒෂියා සියක තැරැව්කාර සමාගම සඳහන් කරන පරිදි එය කිලෝග්‍රෑම් මිලියන 12.8 ක් වාර්තා වූ 2009 වසරේ පෙබරවාරි මාසයෙන් පසු අඩුම මාසික තේ නිෂ්පාදනයයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ රසායනික පොහොර තහනම මෙම තත්ත්වයට හේතුවක් ලෙස සැලකෙනවා.

තේ කර්මාන්තය සඳහා එම තහනම පසුගිය ඔක්තෝම්බරයේ ඉවත් කළ ද ඩොලර් හිගය හේතුවෙන් පොහොර ආනයනය කිරීම තේ නිෂ්පාදකයන්ට ගැටලුවක් වී තිබෙනවා.

පොහොර තහනමට පෙර ශ්‍රී ලංකාව වාර්ෂිකව තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.3 ක් පමණ උපයනු ලැබුවා.

මෙරට තේ කර්මාන්තයට බලපා ඇති නවතම අභියෝගය වන්නේ රුසියාවේ යුක්රේන ආක්‍රමණයයි. ශ්‍රී ලංකා තේ මිලදී ගන්නා මුල් පෙලේ ගැණුම්කරුවන් වන රුසියාවට සහ යුක්රේනයට මෙරට තේ නිෂ්පාදනයෙන් සියයට 10 ක් පමණ අපනයන කිරීම ඊට හේතුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36