අජාසත්ත පුතුගේ ක්‍රියාව නිසා ජිවිතයෙන් වන්දි ගෙවූ පියා

ජංගම දුරකතනයෙන් තවත් පුද්ගලයකු සමග පරුෂ වචනයෙන් ආවේගශීලී සංවාදයක යෙදෙද්දී ඊට මැදිහත්වූ පියාට ඔහුගේ 23 හැවිරිදි බාල පුතු විසින් සිදුකළ පහරදීමෙන් පසුගියදා ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් වාර්තා වනවා.

බාල පුතා ජංගම දුරකතනයෙන් ශබ්ද නඟා තවත් අයෙකුට අසැබි ලෙස කතා කිරීම නුසුදුසු බවට අවවාද කළත්, එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා බාල පුතුට පියා විසින් පහරදී ඇති අතර ඊට උරණ වූ ඔහු සිය පියාව තල්ලුකර පෙරළා පහරදීම නිසා පියා නිවසෙන් පිටවී වැඩිමල් පුතුගේ නිවසට දිවගොස් තිබෙනවා.

දිවයන පියාව ලුහුබැඳ ගිය බාල පුතා කනප්පුවකින් ඔහුට පහරදී ඇති අතර පහරදීමත් සමග ඇදවැටුණ පියා ‘‘පුතේ මට ගහන්න එපා’’ යැයි කෑගසා ඇත.

මියගිය අයගේ බිරිඳ සහ වැඩිමල් පුතු විසින් සිහිසුන්ව සිටි පියා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වී සිටි බව රෝහලේ වෛද්‍යවරු පවසා ඇත.

පියාගේ හදිසි මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බාල පුතා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකළ බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සඳහන් කර සිටියේ.

තිදරු පියෙකු වූ මියගිය අය කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ උපස්ථායකයකු ලෙස සේවය කර ඇති අතර ඔහු තව දින කීපයකින් විශ‍්‍රාම යෑමට නියමිතව තිබු බවයි වාර්තා වන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ

නිගමනය වූයේ මියගිය අය අධික පීඩනයකට පත්වීමත්, හෘද රෝගයෙන් පෙළීමත් නිසා මියගිය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් එල්ලිනෝ ගැන විශේෂ හෙළිදරව්වක් - විශාල ආහාර හිඟයක් ?
18:35
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින් - "අනේ පව්..ඇස් ඇරගෙන ඉන්නේ"
00:58
Video thumbnail
අපේ කවුරුත් සත පහක්වත් හොරකම් කරලත් නෑ..කරනවනම් ඉන්නෙත් නෑ - මුදල් වංචාව ගැන ප්‍රබලයෙක් කට අරියි
01:43
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න - අක්කර 10ට වඩා ගිනිගෙන විනාශයි
01:16
Video thumbnail
"ජන අරුණගම" ආදර්ශ ගම්මානය ජනතා අයිතියට - මාලිමාවේ වැඩ ගැන නලින්ද ගැම්මට කියයි
04:43
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40