ධිවර ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදේ මධ්‍යම ප්‍රදේශය ආශ්‍රීතව පැවතුන අඩුපීඩන කාලපය මේ වනවිට ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර සිටිනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ධිවර ප්‍රජාව ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කළයුතු බවයි.

එම අඩුපීඩන කාලපය ඉදිරි පැය 24 තුළ නැගෙනහිරට බරව ඊසාන දෙසින් අන්දමන් මුහුද දෙසට ගමන් කර, තව දුරටත් වර්ධනයවීමට ඉඩ ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඉහත මුහුදු ප්‍රදේශයේ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

සුළඟේ වේගය පැ.කි.මී. 40ත් 50ත් පමණ වන අතර විටින්විට පැ.කි.මී. 60 දක්වා ඉහළ යා හැකි බවත් විටින්විට එම මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40