සැකකරුගේ නිර්නාමික ලිපියෙන් හෙළිවූ මනුෂ්‍ය ඝාතනයේ සුලමුල

මීට මාස හතකට පමණ පෙර ඝාතනය කළ බවට විශ්වාස කරන පුද්ගලයෙකුගේ අස්ථි කොටස් අපරාධය සිදුකළ බවට සැකකරන පුද්ගලයාගේ ලිපියකින් සොයා ගැනීමට මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ෂන ඒකකය සමත්ව තිබෙනවා.

ඊයේ (25) සිදුකරන ලද ස්ථානීය පරික්ෂාවේ දී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරැ විසින් සිදුකරන ලද පාපොච්චාරණයකට අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් තවත් කරණු අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය වසරේ 07 වන මස 20 වන දින මාතලේ, ආටිස්මලේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකුගේ අතුරුදන්වීමක් පිළිබඳව මහවෙල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙන අතර තුර කිසියම් පුද්ගලයෙකු විසින් මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයට එවා තිබූ නිර්ණාමික ලිපියක් ඔස්සේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පාපොච්ච්රණය කර ඇත්තේ තමන් විසින් වන සතෙකුට බදින ලද තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු වැටී සිට ඇති බවත් පසුව එම සිරුර යාබද කැලයක පිහිටි මිනිරන් පතලකට දමා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

මාස කිහිපයකට පසු මියගිය පුද්ගලයාගේ අස්ථි කොටස් යාබද ගල් තලාවක දමා අපරාධ කොට්ඨාශය වෙත නිර්ණාමික ලිපියක් මඟින් සැකකරු දන්වා ඇත්තේ ගල් තලාවක අස්ථි කොටස් කිහිපයක් ඇති බවයි.

ලිපිය තැපැල්කරණ ලද මාතලේ – මඩවල උල්පත තැපැල් කාර්යාලය අසල පිිහිටි ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂණ සිදුකර අදාල ලිපිය යොමුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් වෙඩි වැදී මියගිය පුද්ගලයාගේ අස්ථි කොටස් කිහිපයක් දමා තිබූ ස්ථානය මාතලේ වැඩබලන මහේස්ත්‍රාත්වරියගේ පරීක්ෂාවට ලක් වූ අතර ඇයගේ නියෝග මත එම අස්ථි කොටස් මාතලේ මහ රෝහලට යැවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ දී මියගිය පුද්ගලයාගේ ඇද සිටි සරම සහ අතරැදි පිහියක් ඔහුගේ දරැවන් විසින් හදුනාගත් බවයි පොලසිය පැවසුවේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සැකකරැ විසින් බදින ලද තුවක්කුව පත්තු වී මියගිය පුද්ගලයාගේ සිරුර දමා තිබූ මිනිරන් පතල මාතලේ මහේස්ත්‍රාත්වරයාගේ පරික්ෂාවට ලක්කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57