අපි කිව්වේ නෑ බස් ගාස්තු වැඩි කරන්න කියලා

ඉන්ධන සහනාධාරයක් ලබාදීම වෙනුවට සුළු මුදලකින් බස් ගාස්තු වැඩි කිරීමෙන් පාඩු විඳීමට සිදුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ, අද සිදුකළ ගාස්තු සංශෝධනයෙන් පසුව දින තුනක් බස් රථ ධාවනය කර ඉදිරි දිනවල බස් රථ ධාවනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක් ලබාදී තියෙනවා. මේ බස් ගාස්තු සංශෝධනයෙන් අපි දෛනිකව ඩීසල්වලට වැය කරන මුදලවත් ලැබෙන්නේ නෑ. මෙහෙම බස් දුවන්න බෑ ඇමතිතුමනි.
මේ බස් ගාස්තු සංශෝධනය තුළින් සමස්ත  බස් කර්මාන්තකරුවාගේ ඇද වැටීම නවත්වන්න බෑ. සේවක දෙපළට වැටුපක් වැඩිකරන්න බෑ. ඒ වගේම බස් ටික දුවන්නත් අද සිපෙට්කෝ පිරවුම්හල්වල ඩීසල් නෑ. ඒක නිසයි අද බස් ගාල්වෙලා තියෙන්නේ. බස් ගාස්තුව ලබාදුන්නේ IOC ඩීසල් මිලට නෙමෙයි අමාත්‍යවරයා සිපෙට්කෝ මිලට කියන එක අමතක කරන්න එපා.
අපි රජයට යෝජනා කළේ බස් ගාස්තු සංශෝධනයක් නෙමෙයි. රජය පටලවා ගත්තා. අපි ඉල්ලුවේ ඩීසල් සහනාධාරයක්. අපි තියෙන ගාස්තුවටම බස් රථ ධාවනය කරන්නම් අපිට ඩීසල් රු 121ට දෙන්න කියලයි අපි කිව්වේ.
නමුත් රජය අමාත්‍යවරයා තීන්දු කළේ සොච්චම් බස් ගාස්තුවක් දීලා පෞද්ගලික බස් රථ හිමියා හා සේවකයා සනසාලන්නට. ටයර් එකක් මිල ඊයේ රු 35,000කින් ඉහළ ගියා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි
01:02
Video thumbnail
අනුර මේ වෙලාවේ විපක්ෂයේ හිටියා නම් අමුතු කතා කියයි
04:43
Video thumbnail
අජිත් නිවාඩ් කබ්රාල් නිදොස් කොට නිදහස්.?
06:29
Video thumbnail
මේ ප්‍රශ්න සියල්ලටම රනිල් විසඳුම් දීලා තියෙන්නේ
03:41
Video thumbnail
අමෙරිකාවේ ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර
00:23
Video thumbnail
කුඹුරු අක්කර 7000ක් බේරාගැනීමට නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියා."වැලි කොට්ට 15000ක් දාලා බැම්ම හැදුවා"
01:51
Video thumbnail
පුටු මාරුවීමක් නිසා කොළොන්නාව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
04:46
Video thumbnail
කාර් එකක් උඩට වැ#මින් ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර..
00:47
Video thumbnail
ළමයින්ගේ තොරතුරු ඉල්ලන කිසිම කෙනෙක්ට තොරතුරු දෙන්න එපා..වැරදි අය අතට තොරතුරු ගියොත් ළමයි අනතුරේ
02:56
Video thumbnail
මෙන්න ඉදිරියේදි කාළගුණයෙන් වෙන්න ‍යන බලපෑම..රතු නිවේදන දෙන හැම තැනකින්ම ඉක්මනින් ඉවත් වෙන්න..
03:58


?