අපි කිව්වේ නෑ බස් ගාස්තු වැඩි කරන්න කියලා

ඉන්ධන සහනාධාරයක් ලබාදීම වෙනුවට සුළු මුදලකින් බස් ගාස්තු වැඩි කිරීමෙන් පාඩු විඳීමට සිදුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ, අද සිදුකළ ගාස්තු සංශෝධනයෙන් පසුව දින තුනක් බස් රථ ධාවනය කර ඉදිරි දිනවල බස් රථ ධාවනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක් ලබාදී තියෙනවා. මේ බස් ගාස්තු සංශෝධනයෙන් අපි දෛනිකව ඩීසල්වලට වැය කරන මුදලවත් ලැබෙන්නේ නෑ. මෙහෙම බස් දුවන්න බෑ ඇමතිතුමනි.
මේ බස් ගාස්තු සංශෝධනය තුළින් සමස්ත  බස් කර්මාන්තකරුවාගේ ඇද වැටීම නවත්වන්න බෑ. සේවක දෙපළට වැටුපක් වැඩිකරන්න බෑ. ඒ වගේම බස් ටික දුවන්නත් අද සිපෙට්කෝ පිරවුම්හල්වල ඩීසල් නෑ. ඒක නිසයි අද බස් ගාල්වෙලා තියෙන්නේ. බස් ගාස්තුව ලබාදුන්නේ IOC ඩීසල් මිලට නෙමෙයි අමාත්‍යවරයා සිපෙට්කෝ මිලට කියන එක අමතක කරන්න එපා.
අපි රජයට යෝජනා කළේ බස් ගාස්තු සංශෝධනයක් නෙමෙයි. රජය පටලවා ගත්තා. අපි ඉල්ලුවේ ඩීසල් සහනාධාරයක්. අපි තියෙන ගාස්තුවටම බස් රථ ධාවනය කරන්නම් අපිට ඩීසල් රු 121ට දෙන්න කියලයි අපි කිව්වේ.
නමුත් රජය අමාත්‍යවරයා තීන්දු කළේ සොච්චම් බස් ගාස්තුවක් දීලා පෞද්ගලික බස් රථ හිමියා හා සේවකයා සනසාලන්නට. ටයර් එකක් මිල ඊයේ රු 35,000කින් ඉහළ ගියා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16