තෙල් මිල වාර්තාගත ලෙස ඉහළම අගයකට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල වසර 14කට පසු ඉහළතම අගයක් වාර්තා කර තිබෙනවා.

එම අගය දැක්වෙන්නේ, අමරිකානු ඩොලර් 130ක් ලෙසින්.

රුසියානු – යුක්‍රේන යුද අර්බුදය මත මේ වනවිට දිනෙන් දින බොරතෙල් මිල අගයන් වෙනස්වීම්වලට භාජනය වනවා.

මේ හේතුවෙන් බොරතෙල් ආනයනික රාජ්‍යයන් ද පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටයි.

එවන් පසුබිමක සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් වෙත මෙලෙස බොරතෙල් මිල ගණන් ඉහළ යාම අයහපත් අන්දමින් ආර්ථිකයට බලපෑම් එල්ල කරන අතර, ඒ හේතුවෙන් එම රටවල්වල ඉන්ධන මිල ගණන් ද දෝලනය වීමේ අගයක පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?