AFC Banner
Empty Ad
Empty Ad

ඉතාලියේ TikTok තහනම් කළ හේතුව

ඉතාලි ජාතිකයින්ගේ TikTok ගිණුම් අවහිර කරන ලෙස ඉතාලි රජය TikTok සමාගමෙන් ඉල්ලා සිටි බව රොයිටර් මාධ්‍ය වාර්තා කොට තිබුනා.
ඒ, වයස අවුරුදු 10 ක් වූ දැරියකගේ මරණයෙන් පසුවයි.

Blackout ලෙස හඳුන්වන TikTok හි අතිශය ජනප්‍රිය අභියෝගයක් වෙනුවෙන් පෙනී සිටීමට ගොස් මෙලෙස අදාල දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අභියෝගයේදී සිදුවන්නේ හුස්ම ගැනීමකින් තොරව සිටිමින් වීඩියෝ නිකුත් කිරීම වන අතර එම අභියෝගය මේ දිනවල TikTok හි අතිශය ජනප්‍රිය බව පැවසෙනවා.

TikTokහි අභියෝගයකට මුහුණ මෙම දැරියගේ ජීවිතක්ෂයට පත්වීම ඉතාලිය කම්පනයට පත් කළ සිද්ධියක් බවට පත්වුණා.

දැරියගේ දෙමව්පියන් පවසා ඇත්තේ , ඇය එම අභියෝගයකට සහභාගී වී ඇති බවත්, ඇගේ බෙල්ලේ පටියක් තබා ඇගේ හුස්ම අල්ලාගෙන සිටින බවත් ය.

මෙම සිදුවීම සියදිවි නසාගැනීම් සඳහා පෙළඹවීම ඇති කරන්නක් ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය තව දුරටත් වාර්තා කරයි.

චීනයේ හිමිකාරීත්වය දරන TikTok ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

වයස අවුරුදු 13 ට අඩු ළමුන්ට TikTok සඳහා පිවිසීමට තහනම් කර ඇතත් එම සීමාවන් මග හරිමින් කුඩා ළමුන් TikTok සඳහා ලියාපදිංචි වන බවත් ඉතාලි රජය නිවේදනය කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි සියලුම ඉතාලි පරීශීලකයින්ගේ TikTok ගිණුම් ලබන පෙබරවාරි 15 වන දා දක්වා අත්හිටුවා ඇති බව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?