ඉතාලියේ TikTok තහනම් කළ හේතුව

ඉතාලි ජාතිකයින්ගේ TikTok ගිණුම් අවහිර කරන ලෙස ඉතාලි රජය TikTok සමාගමෙන් ඉල්ලා සිටි බව රොයිටර් මාධ්‍ය වාර්තා කොට තිබුනා.
ඒ, වයස අවුරුදු 10 ක් වූ දැරියකගේ මරණයෙන් පසුවයි.

Blackout ලෙස හඳුන්වන TikTok හි අතිශය ජනප්‍රිය අභියෝගයක් වෙනුවෙන් පෙනී සිටීමට ගොස් මෙලෙස අදාල දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අභියෝගයේදී සිදුවන්නේ හුස්ම ගැනීමකින් තොරව සිටිමින් වීඩියෝ නිකුත් කිරීම වන අතර එම අභියෝගය මේ දිනවල TikTok හි අතිශය ජනප්‍රිය බව පැවසෙනවා.

TikTokහි අභියෝගයකට මුහුණ මෙම දැරියගේ ජීවිතක්ෂයට පත්වීම ඉතාලිය කම්පනයට පත් කළ සිද්ධියක් බවට පත්වුණා.

දැරියගේ දෙමව්පියන් පවසා ඇත්තේ , ඇය එම අභියෝගයකට සහභාගී වී ඇති බවත්, ඇගේ බෙල්ලේ පටියක් තබා ඇගේ හුස්ම අල්ලාගෙන සිටින බවත් ය.

මෙම සිදුවීම සියදිවි නසාගැනීම් සඳහා පෙළඹවීම ඇති කරන්නක් ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය තව දුරටත් වාර්තා කරයි.

චීනයේ හිමිකාරීත්වය දරන TikTok ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

වයස අවුරුදු 13 ට අඩු ළමුන්ට TikTok සඳහා පිවිසීමට තහනම් කර ඇතත් එම සීමාවන් මග හරිමින් කුඩා ළමුන් TikTok සඳහා ලියාපදිංචි වන බවත් ඉතාලි රජය නිවේදනය කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි සියලුම ඉතාලි පරීශීලකයින්ගේ TikTok ගිණුම් ලබන පෙබරවාරි 15 වන දා දක්වා අත්හිටුවා ඇති බව යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04