නව කොරෝනා ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකියි – බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අනතුරු ඇඟවීම්.

නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ.

ඒ, නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් මෙතෙක් වාර්තාවන අසාදිත හා මරණ මත පදනම්වය.

මේ වන විටත් නව කොරෝනා ප්‍රභේදය සමස්ත බ්‍රිතාන්‍ය පුරාම ව්‍යාප්තව ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍යයේ සීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා මරණ අනුපාතයට හේතුව මෙම ප්‍රභේදය විය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

පෙර ප්‍රභේදය හා සසදන විට 30%ත් 70%ත් අතර ප්‍රමාණයකට වඩා මෙය මාරාන්තික බව විදෙස් වාර්තා අනාවරණය කර තිබේ.

ගත වූ පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් 1,401 දෙනෙක් මියගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 95,981කි.

කොරෝනා ආසාදිත සමස්ත බ්‍රිතාන්‍ය පුරවැසියන් සංඛ්‍යාව තිස්පන් ලක්ෂ අසූ තුනකට අධිකය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04