AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි ක්‍රීඩකයාට කටුනායක ගුවන් තොටුපොළේදී මුහුණ දෙන්න සිදුවූ අකරතැබ්බය

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක රොෂාන් මහානාම කටුනායක ගුවන්තොටුපොළේදී නොසිතූ අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එහිදී ඔහුගේ පූර්ණ එන්නත්කරණය පිළිබඳව ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බව ඔහු සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

රොෂාන් මහානාම පවසන්නේ තමන් මෙරටදී කොරෝනා මර්ධනය සඳහා වන පළමු මාත්‍රාව ලබාගත් බවයි. කෙසේ වෙතත් ඔහු එමගින් වැඩිදුරටත් පවසා ඇත්තේ සිය දෙවන සහ තුන්වන මාත්‍රා බ්‍රිතාන්‍යයෙන් ලබාගත් බවය.

එම තොරතුරු නිසි පරිදි මෙරට සෞඛ්‍ය අංශ විසින් යාවත්කාලීන නොකිරීම හේතුවෙන් තමන් කටුනායක ගුවන් තොටුපොළේදී දැඩි අපහසුතාවයට පත්වූ බව එමගින් ඔහු පවසා ඇත.

ඔහු පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සඳහා එක්වීමට එරට බලා යාමට කටුනායක වෙත පැමිණි අවස්ථාවේදීයි මෙම තත්ත්වයට මුහුණ දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?