AFC Banner
Empty Ad
Empty Ad

ටිපර් රථයක් සමග පාලමක් කඩා වැටෙයි

දෙනියාය, මෙදේරිපිටිය පොද්දන පාලම, ටිපර් රථයක් ගමන් කරමින් සිටියදී අද දහවල් (24) කඩාවැටී තිබෙනවා. මෙම අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

පසුගිය වසරේ ප්‍රදේශයේ ඇතිවූ ජලගැලීමක දී පාවී ආ කොටයක් මෙම පාලමේ එක් ආධාරක කණුවක ගැටී එම කණුවට සිදු වු හනි හේතුවෙන් එම පාලම එක් පසකින් පහත්වී තිබී ඇත්තේ.

ඒ හේතුවෙන් පාලමේ බර වාහන ගමන් කිරීම තහනම් කර තිබුණා.

පාලම කඩා වැටීම හේතුවෙන් මෙදේරිපිටිය පාසලට සහ ගම්මාන කිහිපයකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ප්‍රදේශවාසින් සඳහන් සිටියේ.

මෙම පාලමේ තිබූ දුර්වල තත්ත්වය හේතුවෙන් බර වාහන ගමන් කිරීමට නොහැකි වන ලෙස යකඩ කණු සවිකර තිබූ බවත් එයද කඩා දමා එම ටිපර් රථය එහි ධාවනය කර තිබු බව වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?