AFC Banner
Empty Ad
Empty Ad

තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමේ

නාඋල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාසයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව ඊයේ (19) දින රාත්‍රියේ සිට තාවකාලිකව වසා දමා තිබේ.

මේ වන විට අදාළ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 25 දෙනෙකු ආසාදිතයන් යැයි තහවුරු වූ බව නාඋල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉන්දික බණ්ඩාර මහතා අද (20) දින පැවසීය.

එම ආයතනයේ පාලනාධිකාරිය විසින් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට ඊයේ තීරණයක් ගෙන ඇති බව නාඋල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කේ.කේ.ආරියදාස – දඹුල්ල 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?