AFC Banner
Empty Ad
Empty Ad

ගල්නෑවේ වෙළඳසැල් 120ක් වහයි

ගල්නෑව නගරයේ වෙළද සැලක සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා රෝගය වැළදිමේ හේතුවෙන් නගරයේ කඩ සාප්පු 120ක් අද(20)  සිට දින තුනක් වසා දමා තිබේ.

ගල්නෑව නගරයේ පිහිටි වෙළදසැල් කිහිපයක සේවකයන් පිරිසක් පසුගිය 17 වැනි දින පිසිආර් පරික්ෂණයකට ලක්කොට තිබු අතර එහිදි මෙම වෙළදසැලේ සේවකයන් දෙදෙනාට කොරෝනා රෝගය වැළදි ඇති බවට තහවුරු තිබුණි.   ඒ අනුව අනෙකුත් සියලු සැල්වල සේවකයන්ද පිසිආර් පරික්ෂණයකට ලක්කරන තෙක් පාරිභෝගියන්ගේ ආරක්ෂාව සදහා අද(20)දින සිට 23 වැනි දින දක්වා දින තුනක කාලයක් ගල්නෑව නගරයේ වෙළද සැල් සියල්ල තාවකාලිකව වසා දැමිමට නගරයේ වෙළද සංගමය තීරණය කර තිබේ.

කෙසේවෙතත් නගරයේ පිහිටි සියලු රාජ්‍ය ආයතන ඔසුසැල් මෙම දින තුනේ විවෘතය.       

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?