ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගියෙකු පලා යයි

පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින්  සිටි රැඳවියෙකු ඊයේ රත්‍රියේදී ඉන් පලා ගොස් තිබෙනවා.

43 හැවිරිදි ඔහු ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ මහතා,


“මේ පුද්ගලයා 2021.01.13 වන දින PCR පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා. එම PCR පරීක්ෂණයෙන් පසුව ඔහු කොවිඩ් රෝගියෙක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව 2021.01.17 වන දින ඔහු වාලච්චචේන පොලිස් වසමේ පුනානි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා තිබෙනවා.

ඉන් පසුව ඊයේ රාත්‍රියේ 7.30ට පමණ මේ පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් ඇති බව වාර්තා වෙනවා. ඔහු කොළොන්නාව, මීතොටමුල්ල, විහාර මාවතේ බේකරියක සේවය කළ අයෙක්. ඔහුගේ ස්ථීර ලිපිනය අංක 649 / බී, ආදාගොඩ, ඇහැළියගොඩ බවට වාර්තා වෙනවා. මොහු 43 හැවිරිදි ෂෙල්ටන් ප්‍රේමරත්න නැමති අයෙකි. මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෙක් බවට ද වාර්තා වෙනවා. “

දෙවෙනි කොවිඩ් රැල්ල ආරමභ වීමත් සමඟම මේ වන ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු වරින් වර පලා ගොස් තිබෙනවා.මෙම පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් තිබේ නම් පහත අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

වාලච්චේන පොලිස් ස්ථානාධිපති – දුරකථන අංක 071 859 11 38
හදිසි ඇමතුම් – 119

Update 11.35 AM – 1/20/2021 – පලාගිය පුද්ගලයා පොලිසිය විසින් සොයාගනී

ඊයේ රාතියේදී පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.ඒ  ඇහැලියගොඩ, පැල්පිටිය ප්‍රදේශයේදී.

පලාගොස් සිටියදී සොයාගත් මෙම පුද්ගලයා නැවත ප්‍රතිකාර සඳහා යොමුකොට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?