ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගියෙකු පලා යයි

පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින්  සිටි රැඳවියෙකු ඊයේ රත්‍රියේදී ඉන් පලා ගොස් තිබෙනවා.

43 හැවිරිදි ඔහු ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ මහතා,


“මේ පුද්ගලයා 2021.01.13 වන දින PCR පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා. එම PCR පරීක්ෂණයෙන් පසුව ඔහු කොවිඩ් රෝගියෙක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව 2021.01.17 වන දින ඔහු වාලච්චචේන පොලිස් වසමේ පුනානි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා තිබෙනවා.

ඉන් පසුව ඊයේ රාත්‍රියේ 7.30ට පමණ මේ පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් ඇති බව වාර්තා වෙනවා. ඔහු කොළොන්නාව, මීතොටමුල්ල, විහාර මාවතේ බේකරියක සේවය කළ අයෙක්. ඔහුගේ ස්ථීර ලිපිනය අංක 649 / බී, ආදාගොඩ, ඇහැළියගොඩ බවට වාර්තා වෙනවා. මොහු 43 හැවිරිදි ෂෙල්ටන් ප්‍රේමරත්න නැමති අයෙකි. මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෙක් බවට ද වාර්තා වෙනවා. “

දෙවෙනි කොවිඩ් රැල්ල ආරමභ වීමත් සමඟම මේ වන ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු වරින් වර පලා ගොස් තිබෙනවා.මෙම පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් තිබේ නම් පහත අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

වාලච්චේන පොලිස් ස්ථානාධිපති – දුරකථන අංක 071 859 11 38
හදිසි ඇමතුම් – 119

Update 11.35 AM – 1/20/2021 – පලාගිය පුද්ගලයා පොලිසිය විසින් සොයාගනී

ඊයේ රාතියේදී පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.ඒ  ඇහැලියගොඩ, පැල්පිටිය ප්‍රදේශයේදී.

පලාගොස් සිටියදී සොයාගත් මෙම පුද්ගලයා නැවත ප්‍රතිකාර සඳහා යොමුකොට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42