ලාංකික සම්භවයක් ඇති හිටපු ෆේස්බුක් ලොක්කාට දසතින් දොස්

චීනයේ සුලු ජන කොට්ඨාශ සඳහා සිදුවන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකල යුතුව ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකල ශ්‍රී ලංකා සම්භවයක් සහිත අමෙරිකානු සහ කැනඩා පුරවැසි චමත් පළිහපිටියට දැඩි විවේච්චනයක් එල්ලවී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේද ඔහුට එරෙහිව දැඩි චෝදනා එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

චීනයේ පිළිවෙතට අමෙරිකාව විසින් දැඩි චෝදනා එල්ලකරන අවස්ථාවක චමත් පළිහපිටිය විසින් සිදුකල මෙම ප්‍රකාශය කිසිසේත් සාධාරණීකරණය කල නොහැකි බවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කර තිබුණේ.

කෙසේවෙතත් පසුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා තිබුණේ තමන් අදහස් කරනු ලැබුවේ සෑම ස්ථානයකම එක හා සමානව මානව හිමිකම් පැවතිය යුතුය යන්න බවයි.

චමත් පළිහපිටිය කලක් ෆේස්බුක් ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානී ලෙසද කටයුතු කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?