යාත්‍රා අනතුරකින් විශාල පිරිසක් මරුට

දකුණු දිග මොරොක්කෝව ආශ්‍රිත මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පිරිස අතර කුඩා ළමුන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇත.

පසුගිය වසර තුළ පමණක් එම මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයින් 4,000 ක පමණ පිරිසක් මෙවැනි අනතුරුවලට ලක්ව මියගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?