AFC Banner
Empty Ad
Empty Ad

ඔසී යන්න ඉන්න අයට සුබ පණිවිඩයක්

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ද ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර දෙන එන්නතක් ලෙස එරට ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අද දිනයේදී පිළිගෙන තිබෙනවා.

මේ අනුව ස්පුට්නික් එන්නතේ මාත්‍රා 02 ක් ගෙන ඇති විශාල පිරිසකට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට හැකිවනු ඇති.

ස්පුට්නික් එන්නත මගින් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සියයට 89 කින්ද රෝහල්ගත කිරීම හෝ මරණ වැළැක්වීම සියයට 98 කින්ද වළක්වන බවට තහවුරුවීමත් සමගයි ඔස්ටේ්‍රලියාව මෙම පිළිගැනීම සිදුකර ඇත්තේ.

මේ අනුව විදෙස් සංචාරකයින් පැමිණීමේදී ලබාගත යුතු කොවිඩ් එන්නත් වර්ග 09 කට ඔස්ටේ්‍රලියාව විසින් අවසර ලබා දී අවසන්.

ෆයිසර් – මොඩර්නා – ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් රට තුළ භාවිතයට අනුමැතිය දී ඇති අතර ඉන්දියාවේ නිෂ්පාදිත කොවැක්සින් – කොවිෂීල්ඩ් මෙන්ම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සයිනොවැක් යන එන්නත්වලින් මාත්‍රා 02 ක් ලබා ඇති සංචාරකයින්ට ද ඔස්ටේ්‍රලියාවට පැමිණිය හැකි වනවා.

කෙසේවෙතත් සයිනොෆාම් එන්නත ලබා ඇති වයස අවුරුදු 60 ට අඩු අයට පමණක් ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර හිමිවන බවයි එරට බළධාරීන් අවධාරණය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?