ඔසී යන්න ඉන්න අයට සුබ පණිවිඩයක්

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ද ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර දෙන එන්නතක් ලෙස එරට ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අද දිනයේදී පිළිගෙන තිබෙනවා.

මේ අනුව ස්පුට්නික් එන්නතේ මාත්‍රා 02 ක් ගෙන ඇති විශාල පිරිසකට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට හැකිවනු ඇති.

ස්පුට්නික් එන්නත මගින් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සියයට 89 කින්ද රෝහල්ගත කිරීම හෝ මරණ වැළැක්වීම සියයට 98 කින්ද වළක්වන බවට තහවුරුවීමත් සමගයි ඔස්ටේ්‍රලියාව මෙම පිළිගැනීම සිදුකර ඇත්තේ.

මේ අනුව විදෙස් සංචාරකයින් පැමිණීමේදී ලබාගත යුතු කොවිඩ් එන්නත් වර්ග 09 කට ඔස්ටේ්‍රලියාව විසින් අවසර ලබා දී අවසන්.

ෆයිසර් – මොඩර්නා – ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් රට තුළ භාවිතයට අනුමැතිය දී ඇති අතර ඉන්දියාවේ නිෂ්පාදිත කොවැක්සින් – කොවිෂීල්ඩ් මෙන්ම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සයිනොවැක් යන එන්නත්වලින් මාත්‍රා 02 ක් ලබා ඇති සංචාරකයින්ට ද ඔස්ටේ්‍රලියාවට පැමිණිය හැකි වනවා.

කෙසේවෙතත් සයිනොෆාම් එන්නත ලබා ඇති වයස අවුරුදු 60 ට අඩු අයට පමණක් ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර හිමිවන බවයි එරට බළධාරීන් අවධාරණය කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26