ගිනි කන්දක් පිපිරී සුනාමි රළ කඩා වදී

image 8fd582ce46

ගිනි කන්දේ පිපිරීම උඩු ගුවනේ චන්ද්‍රිකාවලට දිස්වුණේ මෙලෙසිනි ..

පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපතට නුදුරින් මුහුදු පතුළේ යමහලක් (ගිනිකන්දක්) පුපුරා ගියේය. මෙය ඉතා ප්‍රබල පිපිරීමක් වූ අතර පිපිරීමත් සමඟ සුනාමි රළ හට ගැණින.

සුනාමි රළ ටොංගා දූපතට කඩා වදිද්දී, එයින් බේරීමට ටොංගා දූපත් වැසියෝ බියෙන් උස් ස්ථාන බලා පලා දුවන්න වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටොංගා දූපතේ අගනුවර ලෙස සැලකෙන නුකුවලෝෆා නගරයේ පල්ලියක් නිවාස රැසක් සහ තවත් ගොඩනැගිලි බොහොමයක් සුනාමි රළ පහරට හසුවී විනාශ විය.

කඩා වැදුණු සුනාමි රළ අඩි 4 ක් පමණ උස විය. ජීවිත හානි සිදුවුණු බවකත් හෝ කිසිවකුට හෝ තුවාල සිදුවුණු බවක් මෙතෙක් වාර්තා වී නැත.

image f6d979f08f

ටොංගා දුපතේ පිහිටීම සහ ගිනි කන්දේ පිහිටීම (ග්‍රැෆික් රූපය ඩේලිමේල් ඇසුරිනි)

සුනාමි රළ ටොංගා දුපතට කඩා වැදුණේ මහා හඩින් ගින් කන්ද පුපුරා මිනිත්තු 8 කට පසුවය. ගිනි කන්දේ පිපිරීමට අසල්වැසි නවසීලන්තයට පමණක් නොව, කිලෝ මීටර් 800 ක් දුරින් පිහිටි ෆීජී දූපතට පවා අසන්න ලැබී තිබේ. නවසීලන්තයට ද සුනාමි රළ කඩා වැදුණු නමුත් ජීවිත හානි සිදු නොවිණි.

https://youtu.be/8Nt8bpMyxeA
https://youtu.be/sYxzPE7da_M

(රොයිටර්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?