ගිනි කන්දක් පිපිරී සුනාමි රළ කඩා වදී

image 8fd582ce46

ගිනි කන්දේ පිපිරීම උඩු ගුවනේ චන්ද්‍රිකාවලට දිස්වුණේ මෙලෙසිනි ..

පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපතට නුදුරින් මුහුදු පතුළේ යමහලක් (ගිනිකන්දක්) පුපුරා ගියේය. මෙය ඉතා ප්‍රබල පිපිරීමක් වූ අතර පිපිරීමත් සමඟ සුනාමි රළ හට ගැණින.

සුනාමි රළ ටොංගා දූපතට කඩා වදිද්දී, එයින් බේරීමට ටොංගා දූපත් වැසියෝ බියෙන් උස් ස්ථාන බලා පලා දුවන්න වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටොංගා දූපතේ අගනුවර ලෙස සැලකෙන නුකුවලෝෆා නගරයේ පල්ලියක් නිවාස රැසක් සහ තවත් ගොඩනැගිලි බොහොමයක් සුනාමි රළ පහරට හසුවී විනාශ විය.

කඩා වැදුණු සුනාමි රළ අඩි 4 ක් පමණ උස විය. ජීවිත හානි සිදුවුණු බවකත් හෝ කිසිවකුට හෝ තුවාල සිදුවුණු බවක් මෙතෙක් වාර්තා වී නැත.

image f6d979f08f

ටොංගා දුපතේ පිහිටීම සහ ගිනි කන්දේ පිහිටීම (ග්‍රැෆික් රූපය ඩේලිමේල් ඇසුරිනි)

සුනාමි රළ ටොංගා දුපතට කඩා වැදුණේ මහා හඩින් ගින් කන්ද පුපුරා මිනිත්තු 8 කට පසුවය. ගිනි කන්දේ පිපිරීමට අසල්වැසි නවසීලන්තයට පමණක් නොව, කිලෝ මීටර් 800 ක් දුරින් පිහිටි ෆීජී දූපතට පවා අසන්න ලැබී තිබේ. නවසීලන්තයට ද සුනාමි රළ කඩා වැදුණු නමුත් ජීවිත හානි සිදු නොවිණි.

https://youtu.be/8Nt8bpMyxeA
https://youtu.be/sYxzPE7da_M

(රොයිටර්)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56