විශාල සමාගම්වල සේවකයන්ට කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කිරීමත් – මුහුණු ආවරණ පැළඳීම සහ දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක්වීම අනිවාර්ය කරමින් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පැණවු නීතිය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවහිර කර තිබෙනවා.
එම නියමය මගින් ජනාධිපතිවරයා සිය බලතල අභිබවා කටයුතු කර ඇති බවටයි අධිකරණය තීන්දු කර ඇත්තේ.
රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන හරහා රාජ්‍ය සේවකයන්ට එන්නත් දීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටයි අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත්තේ.
අධිකරණයේ තින්දුවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසාදය පළකර තිබෙනවා.
වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ගේ අනිවාර්ය එන්නත්කරණය හමුවේ ආර්ථිකය තවත් විනාශ වනු ඇති බවටයි ඔහු චෝදනා කර ඇත්තේ.














