සමස්ත ජනගහණයෙන් අඩකට ඔමික්‍රොන් වැළඳෙන රටක් ගැන WHO අනතුරු ඇඟවීමක්

ඉදිරි සති 06 ත් 08 ත් අතර කාලයේදී යුරෝපයේ සමස්ත ජනගහණයෙන් අඩකට පමණ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය වැළඳෙනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

මෙම වසරේ පළමු සතිය තුළ දී පමණක් යුරෝපය තුළ නව කොවිඩ් වෛරස් ආසාදිතයන් ලක්ෂ 70 ක් වාර්තා වී ඇති බවයි ඔවුන් නිකුත්කර ඇති නවතම සංඛ්‍යාලේඛණ වල දැක්වෙන්නේ.

එය සති 02 කට තිබූ තත්වයට වඩා දෙගුණයක වැඩිවීමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඔමික්‍රොන් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා.

යුරෝපය සහ මධ්‍යම ආසියානු රටවල් සියල්ලම පාහේ මේ වනවිට ඔමික්‍රොන් රැල්ලකට ගොදුරුවී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?