සමස්ත ජනගහණයෙන් අඩකට ඔමික්‍රොන් වැළඳෙන රටක් ගැන WHO අනතුරු ඇඟවීමක්

ඉදිරි සති 06 ත් 08 ත් අතර කාලයේදී යුරෝපයේ සමස්ත ජනගහණයෙන් අඩකට පමණ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය වැළඳෙනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

මෙම වසරේ පළමු සතිය තුළ දී පමණක් යුරෝපය තුළ නව කොවිඩ් වෛරස් ආසාදිතයන් ලක්ෂ 70 ක් වාර්තා වී ඇති බවයි ඔවුන් නිකුත්කර ඇති නවතම සංඛ්‍යාලේඛණ වල දැක්වෙන්නේ.

එය සති 02 කට තිබූ තත්වයට වඩා දෙගුණයක වැඩිවීමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඔමික්‍රොන් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා.

යුරෝපය සහ මධ්‍යම ආසියානු රටවල් සියල්ලම පාහේ මේ වනවිට ඔමික්‍රොන් රැල්ලකට ගොදුරුවී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05