සිවිල් කැරැල්ල මැද විද්‍යාගාරයකින් වෛරස් කාන්දුවක්

හමුදා පාලනය යටතේ පැවති “ජීව විද්‍යාගාරයක්” කසකස්ථානයේ ඇතිවූ විරෝධතාවන් අතර වාරයේදී කැරලිකරුවන් ගේ ග්‍රහණයට නතුවීමෙන් එහි පර්යේෂණවලට ලක් කෙරමින් තිබු භයානක වෛරස් රෝග කාරක පිටතට නිරාවරණය වීමේ අවධානමක් පවතින බවට රුසියානු මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කසකස්ථානයේ, අල්මාටි හි පිහිටි මෙම “ජීව විද්‍යාගාරය” අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෘජු ආධාර යටතේ පවත්වාගෙන යනු ලබන බවයි රුසියානු මාධ්‍ය වාර්තා කර සිටින්නේ. 2017 වර්ෂයේදී ඉදිකෙරුණු මෙම විද්‍යාගාරය තුල ජීව විද්‍යාත්මක අවි නිපදවනු ලබන බවට චෝදනා එල්ල කෙරුණත් කසකස්ථාන රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

භයානක වෛරස් රෝග සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා මෙම ජීව විද්‍යාගාරය ඉදිකිරීමේ මුලික අරමුණ බවයි කසකස්ථාන රජය එවකට සඳහන් කර සිටි අතර එම විද්‍යාගාරය තුල භයානක වෛරස් සාම්පල් ද ගබඩා කර තිබු බවද සඳහන් වනවා.

රුසියානු TASS පුවත් සේවය සඳහන් කලේ විද්‍යාගාරය කැරලිකරුවන්ගේ අතට පත්වීම හේතුවෙන් එහි තිබු ජීව විද්‍යාත්මක රසායනයන් සහ වෛරස් රෝග කාරකයන් පිටතට නිරාවරණය වීමේ අවධානමක් ඇති බවයි.

අදාල ජීව විද්‍යාගාරය පිටත “රසායනික ආරක්ෂක ඇඳුම් කට්ටල” වලින් සැරසුණු නාදුනන පුද්ගලයින් සිටින අයුරු දැක්වෙන සමාජ මාධ්‍යවල පලවූ වාර්තා වී තිබු බවයි රුසියානු TASS පුවත් සේවය සඳහන් කර තිබුණේ.

කෙසේ වුවත් කසකස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එම විද්‍යාගාරය කැරලිකරුවන් අතට පත් නොවූ බවත් එය ආරක්ෂා සහිතව සිය රජයේ පාලනයේ යටතේ පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04