මහල් නිවාසයක ගින්නකින්.. 19 දෙනෙකු ජිවිතක්ෂයට

අමෙරිකාවේ, නිව් යෝර්ක් මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

නිව් යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් සඳහන් කලේ, මහල් නිවාස ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්නෙන් තවත් පුද්ගලයින් 32 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

නිව් යෝර්ක් ගිනි නිවන දෙපාර්තමේන්තු කොමසාරිස් ඩැනියෙල් නිග්‍රෝ පැවසුවේ, මහල් 19 කින් යුත් ගොඩනැගිල්ලේ සෑම මහලකින්ම ගින්නේ තුවාල ලැබූ පුද්ගලයින් සොයා ගෙන රෝහල් ගත කළ බවයි.

මිට දින කිහිපයකට පෙර අමෙරිකාවේ, ෆිලඩෙල්ෆියා හි පිහිටි මහල් නිවාසයක ඇතිවූ ගින්නකින් කුඩා ළමුන් 08 දෙනෙකු ද ඇතුළුව 12 දෙනෙකු මිය ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?