නව IHU ප්‍රභේදය 12දෙනෙකුට ආසාදනය වෙයි

විකෘති 46ක් ඇති නව IHU ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 12 දෙනෙකු ප්‍රංශයෙන් සොයා ගෙන තිබේ.

ඔවුන් අප්‍රිකානු කලාපයක් වන කැමරූන්හි සංචාරය කර පැමිණි පුද්ගලයන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව කොවිඩ් ප්‍රභේදය ලෝකයේ වෙනත් කිසිදු රටකින් වාර්තා වී නොමැති අතර ගෝලීයව ව්‍යාප්ත වෙමින් පවතින ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී භයානක කොවිඩ් ප්‍රභේදයන් ඇතිවීමේ අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?