නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් ළමුන් 8ක් ඇතුළු 12ක් මරුට

අමෙරිකාවේ, ෆිලඩෙල්ෆියා නගරයේ නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 12 ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයින් අතර ළමුන් අට දෙනෙකු ද වන බව වාර්තා වේ.

තෙමහල් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේ පුද්ගලයින් 26 දෙනෙකු එහි සිට ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් හට පැයකට ආසන්න කාලයක් ගත වී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?