ගොවියන් විසින් නරේන්ද්‍ර මෝදි පාලමක සිරකරයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගමන් කරමින් සිටි රථ පෙළට උද්ඝෝෂකයින් පිරිසක් බාධා කර ඇතැයි වාර්තා වෙයි.

ද හින්දු පුවත් සේවය වාර්තා කළේ එය “ආරක්ෂක අඩුපාඩුවක්” ලෙස සලකා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පන්ජාබ් හි ෆෙරොසෙපූර් නම් ප්‍රදේශයේ සංවිධානය කර තිබු උත්සවයකට පැමිණෙමින් සිටියදී එම අකරතැබ්බට මුහුණ දී තිබුණි.

එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ “ආරක්ෂක අඩුපාඩුව” හේතුවෙන් එම උත්සවය අවලංගු කළ බවය.  

එම සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සපයන ලෙසත් ඊට වගකිවයුතු පාර්ශව ගැන දැඩි තීරණ ගන්නා ලෙස ප්‍රාන්ත රජයට අමාත්‍යංශය විසින් දන්වා ඇති බව සඳහන් විය. 

ඉන්දීය අගමැතිවරයා හෙලිකොප්ටරයකින් යාමට නියමිතව සිටියද අයහපත් කාලගුණය හේතුවෙන් එම ස්ථානයට මෝටර් රථයෙන් යාමට තීරණය කර තිබුණි.

එසේ යන අතරතුරදී ගුවන් පාලමක් මතදී ඔහුගේ මෝටර් රථ පෙළ නැවැත්වීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණේ ගොවීන් පිරිසක් මාර්ගය ආසන්නයේ උද්ඝෝෂණයක් සිදුකර තිබුණි.

ඒ හේතුවෙන් ඇතිවූ රථ වාහන තදබදය හේතුවෙන් ඉන්දීය අගමැතිවරයාට ගුවන් පාලම මත විනාඩි 20ක පමණ කාලයක් රැඳී සිටීමට සිදුවූ බව මාධ්‍ය වාර්තා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රණවිරු සැමරුමේදී ජනපතිගේ කතාවට අමතරව විශේෂ ප්‍රකාශයක්..සැමරුමට සහභාගී වන පිරිස 2769ක්
02:06
Video thumbnail
මෙවර රණවිරු සැමරුමේ සුවිශේෂි වෙනස්කම් රැසක්..උතුරු නැගෙනහිර රණවිරුවන්ගේ ඥාතීන් සහභාගී කර ගන්නවා
02:30
Video thumbnail
සජබ මහ ලේකම් ජනපති අනුරට අභියෝග කරයි..මේ රට දවසින් දවස ප්‍රපාතයකට වැටෙනවා
04:28
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29
Video thumbnail
"බස් එක ගන්න එහාට..බස් එක ගන්න"වන අලි රංචුවක් විදුලි වැටත් කඩාගෙන වනාන්තරයට යන හැටි
01:51
Video thumbnail
කැලඹුණු කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08