හැමෝම කැමති මගේ හුරතල් පෙනුමට තමයි

ස්වර්ණවාහිනියේ විකාශය වෙන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ ‘හංසි’ ලෙස ප්‍රේක්ෂක ඔබ දකින මධාරා සෙව්වන්දි සමගින් අපි මෙවර කතා බහා කළේමු. උදවෙන නව වසරේ අලුත් වැඩ කිහිපයකටම සම්බන්ධ වීමට සූදානමින් සිටින ඇය සිය අදහස් අපත් සමග මෙසේ බෙදාහදා ගත්තා.

උදා වුණ අලුත් වසර මධාරාට කොහොමද?

වැඩ නම් ගොඩක් තියෙනවා මේ වසරේ. ඒත්, රැකියාවත් එක්ක මේ කලා කටයුතුවලට කාලය හොයාගන්න එක ප්‍රශ්ණයක් වෙලා තියෙනවා මට.

‘නාඩගම්කාරයෝ’ එක්ක තවමත් ඔබ වැඩ කරනවාද?

ඔව්, ‘නාඩගම්කාරයේ’ ටෙලි නාට්‍යයේ ඉදිරි කොටස්වල දිගටම ඉඳියි කියලා හිතනවා. මේ දිනවල එහි රූපගත කිරිම් කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා.

නව වසරේ ඔබගේ පෞද්ගලික ජිවිතේ වෙනසක් වෙයිද?

නැහැ මේ හිටපු විදිහම තමා. හැබැයි මිනිස්සුනට රැවටෙන එක නම් අඩු වෙයි.  විවිධ වර්ගයේ මිනිස්සු ගොඩ දෙනෙක් පසුගිය කාලයේ මට අදුනගන්න ලැබුණා. ඉතින් ඒ අයත් එක්ක ආශ්‍රය කරලා මම මිනිස්සු කවුද කියලා අඳුනගත්තා.

‘නාඩගම්කාරයෝ’ හැරෙන්න වෙනත් කලා නිර්මාණවලට දායක වෙන්න ආරාධනා ලැබුණේ නැද්ද?

කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. නමුත්, රැකියාවත් එක්ක වැඩක් භාරගන්න එක ගැටළුවක් වෙලා තියෙනවා. මට තියෙන නිවාඩු දවස් අල්ලලා මේකට දායක වෙන්න පුළුවන් නම් මම අලුත් වැඩේ භාරගන්නවා. ඊට අමතරව මගේ ‘පෞද්ගලික වැඩ කිහිපයක් කරන්නත් මේ වසර යොදාගන්න හිතාගෙන ඉන්නවා. කාලයක ඉඳල මගේ හිතේ තිබුණ දෙයක් තමයි අසරණයන්ට උදව් කරන පදනමක් ආරම්භ කරන්න. ඒක ආරම්භ කරන්න තමයි මේ වසරේ මගේ ලොකුම බලාපොරොත්තුව.

ගීත රූප රචනා, වෙළෙඳ දැන්විම් වලට දායක වෙන්න පුළුවන්නේ ඔබට?

ඔව් කිහිපයක් පසුගිය දවස්වලත් කළා. ඒ වගේම දැනටමත් මට කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවාට යන කාලය අඩු නිසා මට මගේ රැකියාව කරන අතරේ වුණත් ඒ වගේ නිර්මාණවලට එකතු වෙන්න පුළුවන්.

මධාරාට හුරතල් පෙනුමක් තියෙනවා නේද?

ඔව් හැමෝම කියනවා. ඒ පෙනුම හින්දා තමයි මම හිතන්නේ ‘නාඩගම්කාරයෝ’ එකේ ‘හංසි’ කියන චරිතයත් ලැබෙන්නේ ඇත්තේ. ගැමි පෙනුමක්, අහිසංකකමක් වගේම පොඩි පෙනුමක් මට තියෙනවානේ.

වැඩියෙන්ම ලස්සනයි කියන්නේ මොනවද ඔබගේ?

හිනාව තමයි මගේ. හැමෝම මගේ හිනාවට කැමතියි. ගොඩක්ම මගේ යාළුවෝ කියනවා මගේ හිනාව ලස්සනයි කියලා. තව මගේ ඇස්, කට ලස්සනයි කියලත් සමහර අය කියනවා.

ආදරය ගැන මොකද හිතෙන්නේ. ආදරය විඳිනවාද ඔබ?

ආදරය ගැන මට හිතන දේ නම් මේ ලෝකේ හැමෝටම ආදරය අත්‍යවශ්‍ය දෙයක්. ආදරේ නැතුව කාටවත් ඉන්න බැහැ. ආදරය විඳිනවද කියන ප්‍රශ්නේට ඉතින් මට දෙන්න පුළුවන් උත්තරය තවම නැහැ කියලා තමයි.

බුද්ධික සේනාධීර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42