දෙවැනි ඉනිම ඇරඹු මහේල පිටරට යයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන අයි.සී.සි වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ලබන 9 වැනි දා දිවයිනෙන් පිටත් ව යාමට නියමිත යි.
මේ වනවිට යොවුන් කණ්ඩායම කැරිබියන් දූපත්වලට පිටත්ව ගොස් තිබෙනවා. මහේල ජයවර්ධන ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟ කටයුතු කරනු ඇති. යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මුහුණදෙන පළමු තරගය ජනවාරි 14 වැනි දා ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙන්නේ ජෝර්ජ් ටවුන්හිදි යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?