“මගේ ජීවිතයේ සිදුවුණු සමහර සිදුවීම් නිසා මට ඒ චරිතය ගොඩක් ළඟ බවක් දැනෙනවා” – ශලනි තාරකා

ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය විසින් වසර විස්සකට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි.

මේ දවස් වල අපිට ඇයව බොහෝ දුරට දැකබලා ගන්නට ඉඩකඩ තියෙන්නේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා කියන චරිතය සහ චලෝ ටෙලි නාට්‍යය තුළින්. ඉතින් මේ ටෙලි නාට්‍යය දෙකටම මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි, අග්නි පියාපත් සහ අඩෝ කියන ටෙළි නිර්මාණයන් ශලනිගේ රංගන ජීවිතයේ විශිෂ්ටම නිර්මාණයන් අතරින් කීපයක්. ඒ වගේම තමයි මෑතකදී හිරු නාලිකාවේ විකාශය වූ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ සත්සරනිගේ චරිතය කළේ ශලනි.නමුත් ඇය මේ වෙද්දි ඒ චරිතයෙන් අයින් වෙලා. කොහොමෙන් කොහොම හරි ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගතකරන ශලනි මාසෙකට ටෙලි නාට්‍ය දෙක තුනක රංගන කටයුතු වල නිරත වෙනවා. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූ වේ වෙලාවකට පාලනය කරගන්නට අපහසු වුණත් ඒ සියලු නිර්මාණයන් වලට තමන්ගේ උපරිම රංගන දායකත්වය ලබා දෙන්න ඇය අමතක කරන්නේ නැහැ කියලයි.

ඉතිං පසුගිය කාල වකවානුව තුළදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට ඇයට සිදු වුණා.කාලයක් එම සිදුවීම් නිසා ම කඩාගෙන වැටුණු ඇය බොහෝ රසික රසිකාවියන්ගේ විවේචනයන්ට බදුන් වුනා. නමුත් එය සියලුම නින්දා අපහාස සම සිතින් විඳ දරා ගත් ඇය ඇයගේම ශක්තියෙන් නැවත නැගී සිටියා. ඒ නිසාම තමයි මේ වන විට ඇය රටේම ඉන්න ජනතාවගේ ආදරය සහ ආකර්ෂණය දිනා ගෙන සිටින්නේ. ඉතින් අද අපි මෙය අපූරු යුවතිය පිළිබඳව කතා කරන්නට සිතුවා. ඉතින් ඇය ඇගේ නවතම තොරතුරු රසිකයා සමග සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

“ඇත්තටම මේ දවස් වල නම් වැඩ කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. නමුත් ඉතින් ඒ හැම වැඩක්ම කරන්නේ මං හරිම ආසාවෙන්. මම සාමාන්‍යයෙන් හැම වැඩක්ම බදා ගෙන කරන කෙනෙක් නෙමෙයි. මට උපරිම රංගන දායකත්වය දක්වන්නට පුළුවන් විශිෂ්ට ගණයේ චරිත වලට මම මගේ රංගන දායකත්වය ලබා දෙනවා. ඇත්තටම මේ වසරේ මගේ ලොකු හීනයක් ඉටු වුණා. ඒ තමයි දක්ෂතම නිළියට හිමි සම්මානය සහ ජනප්‍රියම නිළියට හිමි සම්මානයන් දෙකම දිනා ගැනීමට හැකිවීම. ඇත්තටම ඒක හරිම අහඹු අවස්ථාවක්. ඉතින් මට මං ගැන ලොකු ආඩම්බරයක් වගේම සතුටක් දැනෙනවා මගේ ඒ ලොකු ජයග්‍රහණය පිළිබඳව.මේ දිනවලදී මම කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා ගේ චරිතයට පණ පොවනවා. ඇත්තටම ස්නේහා චරිතය මගේ ජීවිතයේ මම ලබපු අත්දැකීම් වලට ගොඩක් සමානයි. ඒ නිසා මට ඒ චරිතය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම තමයි ඒ දේවල් රඟපාන්න යනකොට මගේ හිතට එන හැඟීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි. ස්නේහා කියලා කියන්නේ තම මියගිය පෙම්වතා ගැන තැවෙන පෙම්වතියකගේ චරිතයක්.ඉතින් මගේ ජීවිතයේ සිදුවුණු සමහර සිදුවීම් නිසා මට ඒ චරිතය ගොඩක් ළඟ බවක් දැනෙනවා. ඒ නිසාම වෙන්න ඇති මට ස්නේහා ට සියයට සියයක් සාධාරණය ඉටු කරන්න පුළුවන් වුණේ.

තාම නම් මට ආදරේ කරන්න කෙනෙක් නැහැ. ඒ ගැන තව හිතන්න ඕන. මම දකින විදිහට ආදරය කරලා විවාහ වෙනවාට වඩා විවාහ වෙලා ආදරය කරන එක හොඳයි කියලා හිතනවා. මගේ ජීවිතේ ලියවිලා තියෙන ඉරණම්කාරයා කොහේ හරි ඇති. ඉතිං එයා එනකං මං බලන් ඉන්නවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42