වරදකරුවන් ලැජ්ජාවට පත්කළ දඬුවම

කොවිඩ් අවදානම මධ්‍යයේ වැසියන් සිව්දෙනෙකු ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්කිරීමෙන් දඬුවම් ලබාදුන් සිද්ධියක් චීනයෙන් වාර්තා විය.

ඒ බව දැක්වෙන වීඩියෝපටයක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා අඳින ඇඳුම්වලින් සරසා ඇති සැකකරුවන්ගේ ගෙලේ ඔවුන්ගේ ඡායාරූපයක් හා නම ඇතුළත් සටහනක් එල්ලා තිබේ.

මෙසේ දඬුවම් ලබාදී ඇත්තේ මිනිස් ජාවාරමේ නිරතවූ බවට චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් පිරිසකටය.

මේ අතර  සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදවල බලපෑමෙන් කොවිඩ් සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බවටත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල පීඩනයක් විය හැකි බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් ලොව රටවල් වෙත අනතුරු අඟවා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?