දකුණු කොරියාවේ දූෂණ වංචාවක් සම්බන්ධයෙන් වසර 22ක සිර දඬුවම් විඳිමින් සිටි හිටපු ජනාධිපතිනි Park Geun-hye ට දකුණු කොරියානු ජනාධිපති Moon Jae-in සමාව ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය 69 හැවිරිදි වියේ පසුවන අතර 2018 දී බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වරදකරු බවට පත්වුණා
නිදන්ගත උරහිස් සහ පහළ පිටුපස වේදනාව හේතුවෙන් පාර්ක් මේ වසරේ තුන් වතාවක් රෝහල් ගත කර තිබෙනවා
ප්‍රාදේශීය පුවත් ආයතනයක් පවසා තිබෙන්නේ නව වසර සඳහා මූන් මහතාගේ විශේෂ සමාවේ ප්‍රතිලාභීන් අතර සිටි පාර්ක් ඇයගේ දුර්වල සෞඛ්‍යය හේතුවෙන් සමාව දී නිදහස් කිරීමේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවයි.
අල්ලස් ගැනීම සම්බන්ධයෙන් 2015 සිට 2017 දක්වා වසර දෙකක සිර දඬුවමක් විඳි දකුණු කොරියාවේ පළමු කාන්තා අගමැති Han Myeong-sook ද පසුගියදා එරට රජය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා