AFC Banner
Empty Ad
Empty Ad

මෙරට ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාවකට එල්ල වූ සයිබර් ප්‍රහාරයට හේතු හෙළිවේ

හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාවට අද අළුයම සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

පැය තුන හමාරකට ආසන්න කාලයක් තුළ දී හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාව නැවතත් යථා තත්වයට පත් කරගෙන හැකරුවන්ගෙන් ගලවා ගැනීමට සමත්වී තිබුණා.

මෙලෙස හැකරුවන්ගේ ‍ග්‍රහණයට නතුව තිබූ කාලය තුළ ඔවුන් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් වන වැඩසටහන් කිහිපයක් අපගේ නාලිකාව හරහා විකාශය කර තිබුණා.

අමෙරිකාවේ ලිියාපදිංචි සමාගමක් වන මයික්‍රෝ ස්ට්‍රැටජි (MicroStrategy) නමැති සමාගම මෙම සයිබර් ප්‍රහාරය පසුපස සිටින බවට මේ වන විට තොරතුරු සනාථ කරගෙන ඇති අතර ඔවුන් ක්‍රිප්ටෝ මුදල් ප්‍රචාරණය සඳහා මෙලෙස කටයුතුකර ඇත.

කෙසේ වෙතත් තවත් පැය කිහිපයක් යනතුරු මෙම නාලිකාව හරහා ප්‍රවෘත්ති විකාශය නොවන්නේ යූ ටියුබ් මව් සමාගමේ උපදෙස් මතයි.

යූ ටියුබ් මවු සමාගමෙන් අදාල විමර්ශන කටයුතු නිමා කිරීමෙන් අනතුරුව පුර්ණ යතාතත්වයට පත්වනු ඇත.

දෙරණට පසු හිරුට වැඩ වරදියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?