දෙරණට පසු හිරුට වැඩ වරදියි

මෙරට ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක්වන හිරු TV නාලිකාවට අයත් පුවත් අංශයේ (Hiru News) යූටියුබ් නාලිකාව හැකර් ග්‍රහණයට ලක්ව ඇති බව නිරීක්ෂණය වනවා.

ඒ අනුව මේවන විට එම නාලිකාවේ “Hiru News” නාමය පෙනෙන්නට නොතිබෙන අතර එය “MicroStrategy” ලෙස වෙනස් වී තිබෙනවා.

එමෙන්ම හිරු පුවත් අංශය විසින් සිය යූටියුබ් නාලිකාවට අවසන්වරට වීඩියෝවක් උඩුගත (Upload) කර ඇත්තේ මෙම පුවත පළකරන අවස්ථාවට (පෙරවරු 6.10) පැය 09කට පෙර යි.

ඉන් අනතුරුව හිරු නාලිකාවට අයත් වීඩියෝ කිසිවක් එහි පළ වී නොමැති අතර හිරු නාලිකාවට කිසිදු සම්බන්ධයක් නොමැති සජීවී විකාශ 03ක් පළ වී ඇති අයුරු ද නිරීක්ෂණය කළ හැකි යි.

එම සජීවී විකාශ “ක්‍රිප්ටො කරන්සි” සම්බන්ධ වීඩියෝවන් වීම ද විශේෂත්වයක්.

සජීවී විකාශ තුනෙන් පළමුවැන්න මෙම පුවත පළකරන අවස්ථාවට (පෙරවරු 6.10) පැය 03කට පෙර ආරම්භ වී ඇති අතර හිරු නිවුස් යූටියුබ් නාලිකාව හැකර් ග්‍රහණයට ලක්ව ඇත්නම් එය සිදුව ඇත්තේ මීට පැය 03කට පමණ පෙර යැයි ඒ හරහා අනුමාන කළ හැකි යි.

හිරු නිවුස් යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබර්වරුන් මිලියන 1.35කට හිමිකම් කියනවා.

කෙසේ වෙතත් හිරු නාලිකාව මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් හෝ පුවතක් මේවන තෙක් පළ කොට නැහැ.

මීට මාස කිහිපයකට පෙර දෙරණ රූපවාහිනී නාලිකාවෙහි යූටියුබ් නාලිකාවට ද මෙවැනිම ආකාරයේ හැකර් ප්‍රහාරයක් එල්ල වුණා.

එහි දී ද එම නාලිකාව හැකරුවරුන්ගේ ග්‍රහණයට ලක්වූ අතර දෙරණ නාලිකාවට අයත් වීඩියෝ සියල්ල මකා දැමීමට ඔවුන් ක්‍රියාකර තිබුණා.

කෙසේ වෙතත් නාලිකාව යළි සියතට ගැනීමට දෙරණ ආයතනයට පසුව හැකියාව ලැබුණා.

1234ddd
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38
Video thumbnail
රොහාන් සිල්වා පියතුමා පාස්කුව ගැන කිව්ව දේ.."එකම බලාපොරොත්තුව යුක්තිය ඉෂ්ට කරගැනීම"
01:42
Video thumbnail
ජනාධිපතිතුමා හිටපු ත්‍රස්තවාදියෙක් - අනුරගේ හතුරා රණවිරුවෝ..?
01:38
Video thumbnail
කොටුව උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
02:56
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් දෙනවා කියලා මම කිව්වේ නෑ - ඔප්පු කළොත් ඉල්ලා අස්වෙන්නම්
07:04
Video thumbnail
කුලියාපිටිය උසාවිය ආ ගම්මන්පිල ආණ්ඩුවට දාපු කින්ඩිය
03:07
Video thumbnail
මනෝට ආණ්ඩු ලොකෙක්ගෙන් ආ ඇමතුම - ආණ්ඩුව පත්වෙච්ච එකට මම සතුටු වෙනවා
05:44
Video thumbnail
බොරුවේ උත්පත්තිය මාලිමාව - චමින්ද විජේසිරි සැරටම අමතයි
06:49