ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඍණ වෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වර්ෂයේ තෙවන කාර්තුවේ දී සෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, එම කාලය තුළ දී මෙරට ආර්ථික වර්ධන වේගය සඳහන් වුයේ ඍණ සියයට 1.5ක් ලෙසය. 

තවද, 2021 තෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,497,489 දක්වා පහළ ගොස් ඇති බවත් එහි සඳහන් වෙයි.

මේ අතර ආර්ථිකයේ ප්‍රධාන සංරචක ත්‍රිත්වය වන කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා පවත්නා මිල යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වයන් පිළිවෙලින් 8.7%ක්, 29.9%ක් හා 57.4%ක් ලෙස දැක්වේ.

එමෙන්ම භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩු කළ බදු සංරචකය 2021 වර්ෂයේ තෙවන කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතයට 4.1%ක දායකත්වයක් ලබාදී තිබේ.

2021 වර්ෂයේ තෙවන කාර්තුවේ දී සමස්ත කෘෂිකර්මික ආර්ථික කටයුතු 1.7%ක සුළු ධන වර්ධනයක් වාර්තා කර ඇත.

ඒ සඳහා සංචරණ සීමාවන් පැන වූ කාල සීමාව තුළ දී පවා රට පුරා කෘෂිකාර්මික ආර්ථික කටයුතු නොකඩවා කරගෙන යාමට රජය විසින් අවසර ලබාදී තිබීම ධනාත්මකව බලපා ඇතැයි ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම කාර්තුවේ දී කර්මාන්ත සහ සේවා යන ආර්ථික ක්‍රියාකාරකම් පිළිවෙලින් 2.1%ක හා 1.6%ක ඍණාත්මක වර්ධන වේගයක් වාර්තා කරයි.

පසුගිය වසරේ තෙවන කාර්තුවේ දී එම ක්‍රියාකාරකම්වල ධන වර්ධන වේගයන් වාර්තා වී තිබුණු බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඍණ වෙයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඍණ වෙයි2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59