Empty Ad
AFC Banner
Empty Ad

ඉදිරි පැය 24 මුහුදු යන්න එපා…

දිවයිනේ ඉදිරි කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

නිවේදනයේ සදහන් වන්නේ දිවයිනට දකුණු දෙසින් පවතින අඩුපීඩන කලාපය පිළිබඳවයි.පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුළ දී අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.එම මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි සමග පැ.කි.මී 40 – 50 පමණ තද සුළං පවතිනු ඇත.සුළඟේ වේගය පැ.කි.මී 60 දක්වා ඉහළ යා හැකිය.

මෙම තත්ත්වය හේතුවෙන් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම් දී තිබේ.දැනට එම ප්‍රදේශවලින් මුහුදු ගොස් සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?