ඉන්ධන කූපන් ක්‍රමයට දෙන්න යෝජනාවක්

කූපන් ක්‍රමයට ඉන්ධන ලබාදිය හැකිදැයි ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අදහස් පළවී ඇතැයි වාර්තා වනවා. රජයේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙකු එහිදී යෝජනා කර ඇත්තේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා වැඩි මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකටයාම යෝග්‍ය බවයි.

දැනට ශ්‍රී ලංකාවේ ඉන්ධන භාවිතය බොහෝ සෙයින් වැඩිවී තිබීම ද මෙම යෝජනාවට හේතුවී ඇති බවයි වාර්තා වුණේ. කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය එම යෝජනාවට එකඟතාව පළ කර නැහැ.

ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 300 ත් 420 ත් අතර මුදලක් වැයවනවා. කොරෝනා සමයෙන් පසු මෙරට ඉන්ධන භාවිතයද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අත්‍යවශ්‍ය නොවන රූපලාවන්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය, අත්‍යවශ්‍ය නොවන ආහාර සහ බීම වර්ග, පළතුරු මෙන්ම වයින් ඇතුලු මත්පැන් ආනයනය ද සීමා කිරීමට සිදුවන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14